හම ලස්සන කරගන්න මෙන්න මේවා බොන්න... අයේ බලාගෙන ඉන්නකොට පාට වැටෙනවා ...


 සම පැහැපත් කර ගැනීම පිළිබඳව කතා කිරීමේදී බාහිරින් සිදු කළ හැකි සත්කාර මෙන්ම සිරුර අභ්‍යන්තරයට ද සිදු කළ හැකි සත්කාරවලට වැදගත් තැනක් හිමි වෙනවා. 


සෑමවිටම බාහිරින් සිදු කළ හැකි රූපලාවණ්‍ය සත්කාරයන් පිළිබඳව ඔබව දැනුවත් කරන නිසාවෙන් මෙවර සිරුර අභ්‍යන්තරයෙන් ම ඔබව ලස්සන කළ හැකි ඖෂධීය ගුණය සහිත පාන වර්ග කිහිපයක් පිළිබදව දැනුවත් කිරීමට අද අපි සිතුවා.
උදෑසන හිස් බඩ පානය කළ හැකි පානයක්
නැවුම් කිරි වීදුරුවක්
වට්ටක්කා පොඩි කැබැල්ලක්
ගොටුකොළ මිටක්
පොඩි කැරට් ගෙඩියක්
දෙහි බෑයක යුෂ
ජලය අඬු කෝප්ප භාගයක්

දෙහි යුෂ හැර සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. එය බඳුනකට දමා ගෙන අවසානයට දෙහි යුෂ එක්කොට පානය කරන්න. මෙම පානය සතියට තුන් වතාවක් පානය කරන්න. සෙම ඇති අයෙක් නම් නැවුම් කිරි මිශ්‍ර නොකර බොන්න.
මින්චි කොළ තේ පානය
මින්චි කොළ 10ක්
වතුර වීදුරුවක්

මින්චි කොළවලට වතුර ටික එක්කොට හොඳින් අඩු ගින්දරේ තම්බා ගන්න. ඉන්පසු කහට පැහැයෙන් යුතු වතුර ටික පෙරා වෙන්කරගන්න. මෙසේ සාදාගත් පානය සවස තේ වෙනුවට පානය කළ හැකියි. සතියට තුන්වතාවක් පානය කරන්න. මෙසේ එක දිගට කරන පානය කළ විට සමෙහි පැහැදිලි ඔබටම වෙනසක් දැකගත හැකිවනවා ඇත.
ආමන්ඩ් කිරි
ආමන්ඩ් ඇට 10 ක්
නැවුම් කිරි කප් 1ක්
කහ තේ හැඳි කාලක්
ඉහත ද්‍රව්‍ය සියල්ල එකට දමා බ්ලෙන්ඩර් කරගෙන උදෑසන හිස්බඩ පානය කරන්න. සම පැහැපත් වනු ඇත.

ඉරමුසු තේ පානය
ඉරමුසුවලින් සිරුරේ ලේ පිරිසුදු වෙනවා. එමෙන්ම සිරුරේ පවතින අධික උෂ්ණත්වය ද පාලනය කරනවා. තවද සම මත ඇති වන කුරුලෑ, කළු ළප මෙන්ම දහදිය දුර්ගන්ධය ඇති අයට ද මෙය ඉතාම හොඳ පානයක් වනවා. එනිසා දිනපතා සවස් කාලයට ඉරමුසු මුල් හෝ කොළ තම්බා පානය කර පැහැපත් සමක් ලබාගන්න ඔබටත් හැකියි.

පොල් වතුර පානය
වියපත් වූ සම යථා තත්ත්වයට පත් කර ගැනීමටත් සමේ නැවුම් බව සහ දිදුලන බව ආරක්ෂා කර ගැනීමටත් සම මත ඇතිවන ලප කැළැල්වල අඳුරු ස්වභාවය දුරු කිරීමටත් පොල් වතුර ඉතාම සුදුසුයි. පොල් වතුරවල විටමින් බී. සී. ඊ. සහ යකඩ, කැල්සියම්,පොටෑසියම්, මැග්නීසියම් යන සංඝටක අඩංගුයි.

උපුටා ගැනීම නවලිය
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න