පීනස් රෝගය නිට්‌ටාවටම සුවකළ හැකි ප්‍රතිකාර ක්‍රම රැසක් මෙන්න
බොහෝ පිරිසකගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක් එල්ල කරන රෝගී තත්ත්වයක් තමයි පීනස කියන්නේ. මේ රෝගයේ ලක්‍ෂණ මොනවාද? දිනපතා බහුතර රෝගීන් පිරිසක් මෙම රෝගය වැලඳුණු අය අප කරා පැමිණෙනවා. මෙම රෝගයේ ප්‍රධානම රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වා දිය හැක්‌කේ, නාසයෙන් සොටු දියර ගැලීම, හිස බර ගතිය, අධික කේන්තිය සහ නිතර කිවිසුම් යැමයි. මීට අමතරව රෝග ලක්‍ෂණ තිබුණත් ඉහත රෝග ලක්‍ෂණ ප්‍රධාන ලෙස පෙන්වා දිය හැකියි.
මෙම රෝග ලක්‍ෂණ විශේෂයෙන්ම රෝගියාට ඇතිවන විශේෂ කාලවේලාවක් තිබෙනවාද?
පීනස රෝගයේ විශේෂ ලක්‍ෂණයක් තමයි අනෙක් රෝගවල මෙන් මෙම රෝගයේ රෝග ලක්‍ෂණ නිතරම නොපෙන්වීම, ඒ අනුව මෙම රෝගීන්ට රෝග ලක්‍ෂණ පෙන්වනු ලබන්නේ වැඩිපුරම පරිසරයේ සිසිල් ගතිය වැඩිපුර තිබෙන අවස්‌ථාවලයි. ඒ අනුව බොහෝ රෝගීන්ට උදැසන කාලයේ මෙම ලක්‍ෂණ වැඩිපුරම ඇතිකරනු ලබනවා. කිවිසුම් යැම, සොටු දියර ගැලීම බහුලවම එම කාලයේදී සිදුවනු ලබනවා. තවද සවස් කාලය හා රාත්‍රියේද මෙම රෝග ලක්‍ෂණ මතුවිය හැකියි. බොහෝ විට දිවා කාලයේදී ඔවුන්ට මෙම රෝග ලක්‍ෂණ කිසිවකින් පීඩාවක් සිදුවන්නේ නැහැ. එයද මේ රෝගයේ විශේෂයක් ලෙස හැඳින්විය හැකියි.
පීනස රෝගීන්ට බලපාන තවත් රෝග තිබෙනවාද? ඒ මොනවාද?
අප කරා පැමිණෙන මෙවැනි රෝගීන් පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ට වැලඳෙන තවත් රෝග රැසක්‌ම අප හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඉන් කීපයක් ලෙස ගැස්‌ට්‍රයිටීස්, අර්ශස් හා සමේ රෝග විශේෂයෙන්ම පෙන්වා දිය හැකියි.බහුතර පීනස් රෝගීන් පිරිසක් ඉහත රෝගාබාධවලින්ද පීඩා විඳිනවා.
ආයුර්වේද ප්‍රතිකාරවලින් මෙම රෝගය නිසි ලෙස සුවකර ගත හැකිද?
නිසි ලෙස නොව නිට්‌ඨාවටම සුවකළ හැකියි. නමුත් බොහෝ දෙනෙක් මෙම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර ගැනීමේදී රෝගය තවත් උත්සන්න විය හැකි යෑයි සිතා සිටිනවා. නමුත් අපට ඉතා පැහැදිලිsවම කිව හැකියි නිවැරැදි ලෙස ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත්තොත් මේ රෝගයෙන් නිට්‌ඨාවටම සුවය ලැබිය හැකියි.
බොහෝ විට සෙම ඉවත් කිරීමෙන් පමණක් මෙම රෝගය සුවකළ නොහැකියි. බොහෝ අය විවිධ නස්‌න ක්‍රම කර, සෙම වියළන ප්‍රතිකාර ලබා ගෙන නමුත් රෝගය සුව නොවී අප කරා එනවා. පීනසට ප්‍රතිකාර කිරීමට පෙර ඔහුට හෝ ඇයට බලපාන වෙනත් රෝග තිබෙනවාද? එසේ නම් ඒ මොනවාද කියා සොයා බලා ශරීරයේ සෙම ඇතිවීමට හේතු සොයා බලා ඒ ඒ රෝගියාට වැලඳී ඇති රෝගාබාධ වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් තමයි මෙම රෝගය සුවකළ හැක්‌කේ. ඒ අනුව එකම රෝගය වුවත් ප්‍රතිකාර ක්‍රම විවිධ විය හැකියි.
Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment