කැත විදියට බඩ නෙරා ඉස්සරහට ඇවිල්ලා ද? දෙහි යුෂ වලට මෙහෙම දෙයක් කරන්න පුලුවන් කියලා දන්නව ද?.


 බඩේ තියන ටයර් ටික, ඒ කිව්වේ බඩ වටේ තැන්පත් වෙලා තියන තෙල් තට්ටුව තියාගෙන ඉන්න ආස අය නම් බොහොම අඩුයි. වැඩි දෙනෙක් මෙහෙම ඉන්නේ එක්කෝ කෑම පාලනය කර ගන්න බැරි නිසා, නැතිනම් ව්‍යායාම කරන්න කම්මැලි නිසා හෝ වේලාවක් නැති නිසා.

උදෑසන දෙහි යුෂ මුසු මඳ උණුසුම් ජලය පානය කිරීමෙන් සිරුරේ මේද දහනය කරනවා.

ඒ හේතුවෙන් බර අඩු වීමට එය සහය වේ.

එම පානයම උණුසුම අඩුකර ඊට මීපැණි ස්වල්පයක් එක්කර ගැන්මෙන් මල බද්ධය ද දුරුකර ගත හැකි බව සඳහන් ය.

දෙහි, උතුරු ඉන්දියාව උතුරු මියන්මාරය හා හා දකුණු මධ්‍යදිග චීනයේ සිට පැතිරගිය, රුටේසි කුලයට අයත් පැඟිරි ශාකයක් වේ.

රසකාරකයක්, විෂනාශකයක්, ආහාර රුචිය වඩන්නක්, පිපාසය සංසිඳුවන්නක් මෙන්ම සිරුර පිරිසිදු කර නිරෝගි කරන්නක් ලෙස ද ප්‍රයෝජනවත් වේ.

ඒ වගේම විටමින් C A E B ප්‍රභේද, තයමින්, රයිබොෆ්ලේවින්, නයසින් හා පැන්තොතෙනික් මෙන්ම පොටෑසියම් යකඩ සින්ක්, කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස් ආදි පෝෂක ගණනාවකින් එය පොහොසත් වේ.

එමෙන්ම, වා පිත් සෙම් තුන්දොසම සමනය කළ හැකි ඔසු ගුණයෙන් යුක්තයි.

ඒ සඳහා ගෙඩි කොළ මුල් ගැට ආදි ශාක කොටස් යොදාගනු ලබනවා.දෙහිවල ඇති ආම්ලික සාරය නිසා එය බොහෝ රෝගවලට ගුණ දෙන්නක්.

ඊට සිරුර අභ්‍යන්තරයේ ලේ ගැලීම් පාලනය කරන්නට ද හැකි බව සඳහන්. ශරීර උෂ්ණත්වය අඩුකිරීමේ ගුණ ඇති බැවින් සියලු උණ රෝග ද පාලනය කරනවා.

සිරුර අභ්‍යන්තරයේ සිටින පරපෝෂිතයන්ට පණුවන්ට හා බැක්ටීරියාවලට එරෙහිව සටන් කිරීමේ හැකියාවත් එය සතුයි.

උපුටා ගැනිම [ අන්තර්ජාලයෙන්]

Countdown Timer

Countdown Timer

45 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න