දිවෙහි වර්ණයෙන් කියවෙන ඔබේ ශරීරයේ නිධංගත රෝග ගැන දැනගන්න


 මිනිස් ශරීරය සොබාදහමේ ඉතා විශ්මයජනක නිර්මාණයක්. ඉතා සංකීර්ණ ලෙස සැකසී තිබෙන මිනිස් ශරීරයක සෑම අවයවයක්ම පාහේ ඉතා සියුම් ලෙස නිමැවී තිබෙන්නේ යම් කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක්ම ඉතා කාර්යයක්ෂ්ම ලෙස සිදු කිරීම සඳහායි. මානව දිව මිනිස් සිරුරක පවතින ශක්තිමත්ම පේශියක් ලෙස සමහර තැනක සඳහන් වෙනවා. අස්ථිවලින් තොරව නිමැවී ඇති මෙය බැලූ බැල්මට සරළ ලෙස සැකසුණක් සේ පෙණුනත් රස ප්‍රතිග්‍රහණය, ආහාරවල යාන්ත්‍රික ජීර්ණය ඇතුළු ක්‍රියාවලීන් රැසක් සඳහා උරදීම වෙනුවෙන් එය තැනී තිබෙන්නේ ඉතා සියුම්වයි. මේ ලිපිය තුලින් අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කළේ මිනිස් දිව පිළිබඳව වැඩි දෙනෙක් දැනුවත් නොමැති කාරණා කිහිපයකුයි.

මානව දිවෙහි ඒ ඒ රසයට වඩා සංවේදී පෙදෙස්
මානව දිවකට ප්‍රධාන රස වර්ග 5ක් වෙන් කොට හඳුනාගන්නට පිළිවන්. පැණිරස, ඇඹුල් රස, ලුණු රස, තිත්ත රස හා උමාමි නම් රස ඒ පස් වර්ගයයි. මිනිස් දිවක සාමාන්‍යයෙන් රසාංකුර 10000 ක් පමණ පිහිටා තිබෙනවා. මීට අමතරව දිවෙහි යටි පැත්තේ, කම්මුල්වල ඇතුළු පෙදෙසේ, තල්ලේ හා තොල්වලත් රසාංකුර 2000 ක් පමණ හමු වනවා. සාමාන්‍යයෙන් දිව අගට පැණි රස හා ලුණු රස සංවේදන හොඳින් දැනෙන අතර ඇඹුල් රස දිවෙහි දෙපසටත්, තිත්ත රස දිවෙහි පාදාන්තයටත් දැනෙනවා. උමාමි රස යනු මස් හා හතු වැනි දේ ආහාරයට ගැනීමේදී දැනෙන රසයි.

දිවෙහි දිග
මිනිස් දිවක දිග වයස හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වෙනවා. හොඳින් වැඩුණු පුරුෂයෙකුගේ දිවක සාමාන්‍ය දිග අඟල් 3.3 ක් හෙවත් සෙන්ටිමීටර 8.5ක් පමණ වන අතර වැඩිහිටි කාන්තාවකගේ දිවක සාමාන්‍ය දිග අඟල් 3.1 ක් හෙවත් සෙන්ටිමීටර 7.9 ක් පමණ වෙනවා.

ලොව දිගම දිවෙහි ලෝක වාර්තාවට උරුමකම් කියන්නේ ඇමෙරිකානු ජාතික Nick Stoeberl නම් තැනැත්තෙක්. ඔහුගේ දිවෙහි දිග අඟල් 3.97 ක් හෙවත් සෙන්ටිමීටර 10.1 ක් වෙනවා.

දිවෙහි වර්ණය ඔබේ සෞඛ්‍ය ගැන යම් යම් දේ පවසයි
නිරෝගී මානව දිවක් සාමාන්‍යයෙන් රෝස පැහැති වන අතර දිවෙහි වර්ණය අනුව බොහෝ කොටම යමෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිගමනවලට එළැඹෙන්නට පිළිවන්. යමෙකුගේ දිවෙහි වර්ණය සුදු පැහැයට හැරී තිබේ නම් ඉන් පෙන්නුම් කරන්නේ ඔහු දිළීර රෝගයකින් පීඩා විඳින බවයි. දිවෙහි වර්ණය කහ පැහැති නම් එම පුද්ගලයා උණකින් හෝ උදර රෝගයකින් පෙළෙන බවට අනුමාන කළ හැකියි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න