සුදු වූ හිසකෙස් කළු කරගන්න ස්වභාවිකව අඹ මල් වලින් බෙහෙත් වට්ටෝරුවක් හදන හැටි


අද බොහෝ තරුණ තරුණියන්ට අකලට හිසකෙස් පැසීමේ ගැටළුවට මුහුණ පෑමට සිදුව තිබෙනවා. මේ හේතුව නිසා නිරායාසයෙන්ම ඔවුන් රසායනික ඩයි වර්ග‍යන් භාවිතා කිරීමට පෙළඹෙනවා. භාවිතා කිරීමේ පහසුව නිසාත්, වෙළඳපොලේ සුලභව පැවතීම නිසාත් මෙවැනි ඩයි වර්ග වෙළඳපොලේ බොහොම ජනප්‍රියයි. බොහෝමයක් ඩයි වර්ග ආනයනය කරන්නේ විදෙස් රටවලින්. ඒවායේ ඇති ප්‍රමිතිය පිළිබඳව කිසිම විටෙක අපට සෑහීමකට පත්වන්න බැහැ. මෙවැනි හිසට යොදන නොයෙකුත් රසායනික ඩයි වර්ග විෂ වීම හේතුවෙන් අකාලයේ ජීවිතයෙන් සමුගත් පුද්ගලයින් ගැන අපිට පසුගිය කාලයේ අසන්න ලැබුනා.

නමුත් අපේ පැරැණි සමාජයේ හිසට තෙල් දැමීමේ පුරුද්දක් පැවතියත් අද සමාජයේ බොහෝ දෙනා තෙල් සත්කාර කිරීමට දක්වන්නේ මැලි කමක්. එවැනි හේතු අකලට හිසකෙස් පැසීමටත් බලපානවා. එකල බොහෝ මවුවරුන් තම වත්තේ පොල් වලින් හෝ තැඹිලි වලින් සිඳගත් පිරිසුදු තෙල් හිසේ ගැල්වීම සිදුකළා.

එසේත් නැත්නම් පැරණි ඖෂධීය තෙල් වට්ටෝරු ගැන දැනුවත් වෙමින් හිසකෙස් පෝෂණයට වැඩි උනන්දුවක් ඔවුන් දැක්වූවා. නීලකාන්ති, නේත්‍රකාන්ති හා භෘංගමාලක ආදී තෙල් වර්ග පිළිබඳ වත් හොඳ වැටහීමක් ඔවුන් සතුව තිබුණා.

නමුත් වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනෙකුට මේ පිළිබඳ නිසි දැනුවත් භාවයක් නොමැතිකම හා ඖෂධීය තෙල් සත්කාරයන්ට ඔවුන් යොමු නොවීම හේතුවෙන් හිසකෙස් සම්බන්ධ ගැටළු සහ හිසේ රෝග ආදිය අද ක්‍රම ක්‍රමයෙන් වැඩිවීමක් දක්නට ලැබෙනවා.

විදෙස් රටවලින් ආනයනය කරන කෙස් කළු කරන ඩයි වර්ග වෙනුවට අපේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ හිස කෙස් කළු කරන ඖෂධීය සත්කාරයන් බොහෝ තිබෙනවා. දේශීය ඖෂධ සුවිශේෂී වන්නේ මෙම සත්කාර සිදු කිරීමෙන් පසුවත් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන නිසයි.

අද අප ඔබට ඉදිරිපත් කරන්නේ සුදු හිසකෙස් කළු කළ හැකි අගනා දේශීය ඖෂධ වට්ටෝරුවක්… මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :- අඹ මල්, අරළු, බුළු, නෙල්ලි, කුඹුක් පොතු, නිල් අවරිය, තල තෙල්

සාදාගන්නා අන්දම :-
මෙම ඖෂධ සියල්ල චූර්ණ කරගෙන තල තෙල් ලිප තබා එයට ඖෂධීය ද්‍රව්‍යයන්ද යොදා තෙල් හොඳින් සිඳගෙන පසුව ලිපෙන් බා නිවෙන්නට හරින්න. හංස පිහාටුවක් මෙම තෙලට දමාගත් පසු තද කළු පැහැයක් ගනියි. ඉන්පසුව මෙම තෙල් කෙස් ගස් කළු කර ගැනීමට යොදා ගන්න. අඹමල් වල ගුණාත්මක භාවයක් නොමැති වුවත් තද කළු වර්ණයක් එයින් ලබා දෙයි. ඒ සියල්ලම ඖෂධීය ගුණ සහිත ද්‍රව්‍යයන්ය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න