මේ ලක්ෂණ 8 ඇත්නම් ඔබේ ශරීරයට දැන්ම උදව් අවශ්‍යයි
අපේ ශරීරය නිකන් පරිපූර්ණ යන්ත්‍රයක් වගේ. එකවර බොහෝ දේ කරන්න පුළුවන් වීම තමා මේ යන්ත්‍රයේ තිබෙන විශේෂත්වය. ඉතින් යන්ත්‍ර වල යම් යම් දෝෂ ඇති වෙනවනේ, එතකොට යන්ත්‍ර ඒ ඒ වෙලාවට යම් යම් සලකුණු මේ පිළිබද ලබා දෙනවා. ඉතින් අපි මේවා නොසලකා හැරියොත් ඒ යන්ත්‍රයට බොහෝ හානි සිදු වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා ඔබේ ශරීරය උපකාර අවශ්‍ය බව පැවසීමට විවිධ සලකුණු ඔබට පෙන්වාවි. ඔබ කල යුත්තෙ මේ සියල්ල නොසලකා නොහැර මේ සදහා ක්‍රියා කිරීමයි. එවිට ඔබේ ශරීරය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකි වෙනවා.
අද අපි ඔබට රැගෙන ආවේ මේ වගේ ඔබ නොසලා නොහැරිය යුතු කරුණු කිහිපයක් ගැන. මෙය ඔබට බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ.
01. නින්ද නොයාම, නුරුස්නා බව සහ කකුලේ කැක්කුම
ඔබේ ශරීරයට මැග්නීසියම් සහ පොටෑසියම් අවශ්‍ය වෙලාවට තමා ඔබට මෙම සලකුණු පැමිණෙන්නේ. තක්කාලි, දොඩම්, කෙසෙල් සහ නිවිති ඔබේ එදිනෙදා ආහාර වේලට එක් කර ගැනීම තුළින් ඔබට මෙම අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්.
02. වියළි සම
02. වියළි සම
විටමින් ඊ ඌනතාවය නිසා තමා සමේ වියළි බව ඇති වෙන්නේ. වැඩිපුර එළවළු, තෙල්, ඇට වර්ග සහ මාළු අනුභව කිරීමෙන් මෙයට සහනයක් ලබා ගන්න පුළුවන්.
03. Sweet tooth
03. Sweet tooth
මානසික ආතතිය, මානසික අවපීඩනය හෝ වෙහෙස නිසා තමා ඔබට හදිසියේ මිහිරි යමක් ලබා ගැනීමට දැඩි ආශාවක් දැනෙන්නේ. ඔබේ ශරීරයට මෙම අවස්ථාවේදී වැඩිපුර ග්ලුකෝස් අවශ්‍ය වෙනවා. අඳුරු චොකලට් හෝ මී පැණි ටිකක් ගැනීම තුළින් මෙය වළක්වා ගැනීමට පුළුවන්. ඒ වගේම මේ තුළින් ඔබට බර වැඩි වීම වළක්වා ගන්නත් පුලුවන්.
04. අයිස් අනුභව කිරීමට ආශාව
04. අයිස් අනුභව කිරීමට ආශාව
ඔබට රක්තහීනතාවය නිසා තමා අයිස් කන්න ආසාව ඇති වෙන්නේ. එසේත් නොමැති නම් ඔබට මෙය යකඩ ඌනතාවය ලෙස හදුන්වන්න පුළුවන්.හරක් මස්, බිත්තර සහ මොලුස්කාවන් වැනි දෑ තමා යකඩ ඌනතාවය සදහා සුදුසුම වෙන්නේ. ඔබට මේ කිව්වා වගේ අයිස් අනුභව කරන්න ආසාවක් වගේම ඔබේ ශරීරයට ශක්තියක් නෑ වගේ දැනෙනවා නම් වෛද්යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමත් වඩාත් සුදුසු වෙනවා.
05. විදුරුමස් ලේ ගැලීම
05. විදුරුමස් ලේ ගැලීම
විටමින් සී ඌනතාවයන් නිසා තමා ඔබ දත් මදින විට විදුරුමස් හදිසියේ හෝ නිරන්තරයෙන් ලේ ගැලීම සිදු වෙන්නේ. පැඟිරි පලතුරු, නිවිති, කොළ සහ රතු බෙල් පෙපර්, තක්කාලි, ගෝවා, වට්ටක්කා සහ බ්රොකොලි වැනි දෑ නිරන්තරයෙ ආහාරයට ගැනීම තුළින් මෙම තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.
06. බිඳෙන නියපොතු සහ හිසකෙස්
06. බිඳෙන නියපොතු සහ හිසකෙස්
මෙයින් අදහස් වෙන්නේ ඔබේ ශරීරයේ විටමින් බී නොමැති කම. වැඩිපුර කිරි බීමෙන්, නොරි මුහුදු පැලෑටි සහ හතු ටිකක් ආහාරයට ගැනීමෙන් මෙය වළක්වා ගන්න පුළුවන්.
07. irises වටා වළලු
07. irises වටා වළලු
මෙවැනි මුදු දිස් වෙන්නේ බොහෝ විට අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ගේ. මෙය සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මෙය තරුණ පුද්ගලයෙකු සතුව තිබෙනවා නම් එම පුද්ගලයාට අධික ක්ලොස්ට්‍රෝල් පැවතිය හැකී. මෙහිදී වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අනිවාර්‍යයෙන් සිදු කරන්න.
08. ග්‍රීක පාදය
08. ග්‍රීක පාදය
ඔබේ පාදයේ දිගු දෙවන ඇඟිල්ල ග්‍රීක පාදයක් හෝ “මෝර්ටන්ගේ ඇඟිල්ල” ලෙස හැදින්වීම සිදු කරනවා. මෙය ඔබට බොහෝ අපහසුවක් විය හැකී. ඔබ පාවහන් පැළදීමේදී වුවත් මෙය ඔබට බොහෝ අපහසුතාවයක් වෙනවා. මේ නිසා ඔබ පාවහන් විලාසිතා තෝරාගැනීමේදී වුවත් සැලකිලිමත් විය යුතුයි.
Countdown Timer
50 seconds remaining
Comments
Post a Comment