මුහුණේ ඇති වලවල් දින 3න් ඉවත් කරගන්න හොදම පියවර දෙකක් මෙන්න



මුහුණේ සෑදෙන වලවල් ඉවත් කර ගැනීම ඉතා අපහසු කාර්යයක් බව අමුතුවෙන් ඔබට පැවසීමට අවශ්‍ය වන්නේ නැහැ නේද. මෙම ගැටලුවෙන් පිඩා විදින ඔබ තවදුරටත් කනස්සලෙන් සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. මුහුණේ සැදී ඇති වලවල් ඉක්මනින්ම ඉවත් කර දමන ස්වභාවික ක්‍රමයක් අද අප ඔබට ගෙන එනවා.

සමේ ඇති මෙම සිදුරු ඉවත්කරන විවිධ ක්‍රීම් වර්ග වෙලදපොලේ තිබුනත් ඒවා ස්වභාවික නොවන නිසා භාවිතා කිරීම එතරම් සුදුසු වන්නේ නැහැ. අද අප කියන මෙම ප්‍රතිකාර සදහා භාවිතා කරනු ලබන සියලුම ද්‍රව්‍ය ස්වභාවිකයි. එම නිසා කිසිදු අතුරුආබාධයකින් තොරව භාවිතා කිරීමේ හැකියව ඔබට තිබෙනවා.

පියවර දෙකකින් සමන්විත මෙම ප්‍රතිකාරය නිවැරදිව සාදාගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරය පිලිබදව අපි දැන් බලමු.

පළමු ක්‍රමයට අවශ්‍ය ද්‍රව්‍ය.

කුඩු කරගත් සිනි තේ හැදී 2ක්.
ලෙමන් ගෙඩියකින් භාගයක යුෂ.
වතුර තේ හැදී 1ක්.

සාදාගන්නා ආකාරය.

මෙම සියලුම ද්‍රව්‍ය කුඩා භාජනයක් තුලට දමා හොදින් කවලම් කර ගන්න. සාදාගත් මිශ්‍රණය වලවල් සෑදී ඇති ස්ථාන වල හොදින් ආලේප කර මිනිත්තු පහක් මෘදුව සම්බාහනය කර ශිත ජලයෙන් සෝදා හරින්න.

දෙවන මිශ්‍රණය සදහා අවශ්‍ය ද්‍රව්‍ය.

ඇපල් සයිඩර් විනාකිරි තේ හැදී 1ක්.
වතුර තේ හැදී 5ක්.

සාදාගන්නා ආකාරය.

මෙම ද්‍රව්‍ය දෙක කුඩා භාජනයක් තුලට දමා හොදින් කවලම් කර ගන්න.

සාදාගත් මිශ්‍රණය පුළුන් කැබැල්ලක තවරමින් සිදුරු ඇති ස්ථාන වල හොදින් ආලේප කර මිනිත්තු 2ක් වියලුනු පසු දෙවරක් නැවත ආලේප කරන්න. ඉන්පසුව අයිස් කැට යෝදාගනිමින් හොදින් ස්ම්භානය කරන්න.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
 

Countdown Timer

Countdown Timer

60 seconds remaining

Comments

Popular posts from this blog

ගෙදර ඉන්න හූනන් පළවාහරින්න එපා... හූනාට ඔබේ නිවසේ රැඳී සිටීමට ඉඩ දෙන්න…

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

ගෙදර සින්ක් එක හිරවුණාම සුද්ධ කරන්න පහසු, වේගවත්ම ලාබම ක්‍රමේ මෙන්න