තරුණ පෙනුමක් ලබා ගැනීමට ජපන් කාන්තාවන් පිළිපදින ක්‍රම 10 ක්
සත්‍ය වයසට වඩා දශක ගණනක් ලාබාල ආකාරයේ පෙනුමක් ජපන් කාන්තාවන් සතු වන අතර එම වාර්තාව පසු කිරීමට වෙනත් කිසිඳු රටක කාන්තාවන් සමත් වී නැහැ. ඒ අයට කොතරම් තරුණ පෙනුමක් තිබෙනවාද කිවහොත් සමහර ඡායාරූප දෙස බැලූ විට මව කව්ද දුව කව්ද කියා වෙන් කර හඳුනාගැනීමට පවා ඉතා අපහසුයි. මෙයට හේතුව ජානමය බලපෑම් සහ දේශගුණය පමණක් කියා ඔයා සිතනවා නම්, ඔයා වැරදියි. මොකද තරුණ බව දැනෙන්නට සහ තරුණ පෙනුමක් ලබාගැනීමට ඔයාට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා.
ඔයාටත් මේ වගේ “සදාකාලික තාරුණ්‍යයක්” ලබාගන්න අවශ්‍ය නම් මෙහි සඳහන් වන උපක්‍රම උත්සහ කර බලන්න.
01. සහල් ජලයෙන් මුහුණ සෝදන්න.
සහල් වල ඛනිජ ලවණ, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක සුලභව අන්තර්ගත වන නිසා සම වයස්ගත වීමට ඉඩ නොදී සම රැක ගනී, සනසවයි, බැබලීමක් ලබා දෙයි. දීර්ඝ කාලයක් තිස්සේ ජපන් කාන්තාවන් කොණ්ඩය සහ මුහුණ සෝදා ගැනීමට සහල් වතුර පාවිච්චි කරනවා. ගෙදරදීම සහල් වතුර සකස් කරගැනීමට භාවිතා කල හැකි ක්‍රම කීපයක්ම තියෙනවා. ඔයාට හදිස්සියක් නැත්නම්, පැසුණු සහල් ජලය සකස් කරගන්න.
පිරිසිදු බඳුනක් ගෙන සහල් කෝප්ප 1/2ක් දමා පිරිසිදු වතුරෙන් කීප වරක් සෝදන්න.
මෙයට ජලය කෝප්ප 2ක් යොදා මිනිත්තු 15ක් පෙඟීමට හරින්න.
සහල් පෙරා වෙන් කරගත් පසු ලැබෙන ජලය බෝතලයකට දමා දවස් 1-2ක් කාමර උෂ්ණත්වය යටතේ තබන්න.
සහල් වතුරෙන් මදක් අප්‍රසන්න ගන්ධයක් වහනය වනවා නම් එය මනාව පැසී ඇති බවට තහවුරු කරගන්න පුළුවන්. දැන් මෙම සහල් ජලය සාමාන්‍ය ජලය කෝප්ප 1-2ක් යොදා තනුක කර මුහුණ සහ හිසකෙස් සේදීමට භාවිතා කල හැකියි. ඉතිරි වූ සහල් වතුර ශීතකරණයේ ගබඩා කර තබා ගන්න.
02. අත් දෙකෙන් මුහුණ අතුල්ලන්නේ නැතිව පෙන දැලක් සකස් කරගන්න උත්සහ කරන්න.

ගොඩක් දෙනා මුහුණ සෝදන විට නිෂ්පාදන ආලේප කරන්නේ අත් දෙකෙන්. ඒත් ඇත්තටම මුහුණ අතුල්ලන විට, සමට පීඩාවක් ඇති වන නිසා මෙහි ප්‍රතිඵලයක් ලෙස අඩු තානයක් ලැබෙනවා. මේ නිසා ජපන් කාන්තාවන් තම මුහුණට සම ආරක්ෂණ නිෂ්පාදන යොදන විට එම නිෂ්පාදනවලින් පෙණ නෙට් එකක් නැත්නම් පෙණ දැල් සකස් කරගන්නවා. නිෂ්පාදනයෙන් කුඩා ප්‍රමාණයක් පාවිච්චි කර මේ දැලට පහසුවෙන්ම පෙණ ඝනව සකස් කරගත් හැකියි, ඉන්පසු එය පිරිසිදු කරන විට ඇඟිලිවලින් මුහුණ අල්ලන්නේ නැතිව මුහුණ සෝදා ගන්න පුළුවන්. ඔයා කරන්න ඕනි ෆේස් වොෂ් ටිකක් දැලට දමා අත්ලෙන් ඇතිල්ලීම පමණයි.
03. මුහුදු පැලෑටි වලින් සකස් කළ ෆේස් මාසක්.
03. මුහුදු පැලෑටි වලින් සකස් කළ ෆේස් මාසක්.
මුහුදු පැලෑටි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොටසක් වශයෙන් නිර්දේශ වී තිබෙන්නේ ඒවා සතුව පවතින පුදුම සහගත සෞඛ්‍යමය ගුණ නිසා. මේවා ජපන් ආහාර සැකසීමට සුලභව භාවිතා කරනවා. ආහාර පිළියෙළ කිරීමේදී කුළුබඩුවක් වශයෙන් භාවිතා කරනවාට අමතරව මුහුණේ සම දීප්තිමත් කිරීමටත්, වැඩි සජල බවක් දැනීමටත් මෙය පාවිච්චි කල හැකියි. DIY, එනම් ඔයාටම සකස් කරගත හැකි මුහුදු පැලෑටි මාස්ක් එකක් පිළියෙළ කරගන්නේ මෙහෙමයි. මුහුදු පැලෑටි කුඩු කෝප්පයකට උණු වතුර සහ ඔලිව් ඔයිල් යොදා මෘදු ඝන සංයෝගයක් ලැබෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න. මුහුණේ සහ බෙල්ලේ ආලේප කිරීමෙන් අනතුරුව පැය කාලක් තිබෙන්නට හැර වතුරෙන් සෝදා හරින්න. එසේ නැත්නම් ඉහත පින්තූරයේ දක්වා ඇති පරිදි තෙත මුහුදු පැලෑටි තීරු මුහුණේ තබාගත හැකියි.
04. සමබර ආහාර වේලක් ලබාගන්න.
04. සමබර ආහාර වේලක් ලබාගන්න.
කෙනෙකුගේ හැඟීම් සහ පෙනුම, ඔහු හෝ ඇය ගන්නා ආහාර වේල අනුව රඳා පවතින බව නොරහසක්. ජපන් ආහාර ගොඩක් නැවුම් වගේම සෞඛ්‍යාරක්ෂිත යි.
මුහුදු පැලෑටි, ධාන්‍ය, මාළු, එළවළු, පළතුරු, පැසුණු සෝයාවලින් නිෂ්පාදිත ආහාර (නිදසුනක් වශයෙන් මයිසෝ) සහ හරිත තේ වගේ අලුත්, පෙර සකස් නොකළ ආහාර පරිභෝජනය කරන්න.
සත්ව ආහාර මධ්‍යස්ථව ආහාරයට ගන්න.
පෙර සකස් කරන ලද, පිරිපහදු කළ ආහාර සහ රසකැවිලි ආහාරයට ගැනීමෙන් ඉවත් වෙන්න.
05. කොලජන් මට්ටම වැඩි අගයක පවත්වා ගන්න.

කොලජන් කියන්නේ මිනිස් සමේ වැදගත් ව්‍යුහාත්මක ප්‍රෝටීනයක්. එම මට්ටම පවත්වාගත නොහැකි වූ විට වයස්ගත පෙනුමක් ලබා දෙනවා. ජපානයේදී කොලජන් අතිරේක වශයෙන් කරල්, ටොෆි, ලොලිපොප්, ජෙලි සහ පාන විදියට වෙළඳපළෙන් මිලට ගන්න පුළුවන්. කොලජන් අතිරේක පිටතින් ලබාගත්තාට කිසිම ප්‍රයෝජනයක් නැති බව සමහර විද්‍යාඥයින්ගේ මතයයි. මේ සඳහා ස්වභාවික ක්‍රම භාවිතා කල හැකියි. සිරුරට ඉහළ කොලජන් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අස්ථි සුප්, මාළු, කුකුල් මස්, පැඟිරි පලතුරු, බිත්තර සුදු මද සහ පලා වර්ග එදිනෙදා ආහාර වේලට එකතු කරගන්න.
Countdown Timer
60 seconds remaining
Comments
Post a Comment