Posts

Showing posts from August, 2025

කරදරකාරී ඉන්නන් නැතිකර ගන්නේ මෙහෙමයි...

Image
  ඉන්නන් යනු ඔබගේ සෞඛ්‍යට හානි කර තත්වයක් නොවේ.   නමුත් සමෙහි තැනින් තැන ඉන්නන් ඇති වීම ඔබව අපහසුතාවයට පත් කරවන කාරණයකි. හෝර්මෝන අසමතුලිතතාවය, දියවැඩියාව වැනි තත්වයන් නිසා ඉන්නන් ඇති වීම සිදු විය හැකි බව පර්යේෂකයින් පෙන්වා දී තිබේ. පහත දක්වා ඇත්තේ ස්වභාවිකව ඉන්නන් ඉවත් කර ගැනීමේ ක්‍රම 08කි. පළමුව ඔබගේ වෛද්‍යවරයා හමුවන්න නිවසේදී ඉන්නන් හට ප්‍රතිකාර කිරීමට ප්‍රථම ඔබගේ පවුලේ වයිද්යවරයා මුණ ගැසෙන්න. ඔබගේ ශරීරය පරික්ෂා කිරීමෙන් පසුව යම් කිසි සැක කල යුතු යමක් වේ නම් ඔහු පටක විශ්ලේෂණය කිරීමක් විශේෂ පුර්වොපායක් ලෙස සිදු කරනු ඇත. ඇපල් සයිඩර් විනාකිරි පුළුන් කැබැල්ලක් ගෙන එය ඇපල් සයිඩර් විනාකිරි වල පොගවා ගන්න. එය ඉන්නා මත තබන්න. තබා ප්ලාස්ටරයක් අලවන්න. රාත්‍රියක් පුරා තිබෙන්නට හරින්න. ඉන්නා කැඩී ඉවත් වන තුරු මෙය දිනපතා සිදු කරන්න. ටී ට්‍රී තෙල් ඉන්නා සහිත ප්‍රදේශය හොදින් පිරිසිදු කරගන්න. පුළුන් කැබැල්ලකට මෙම තෙල් ස්වල්පයක් ගන්න. ඉන්නා මෙම පුළුන් කැබැල්ලෙන් මෘදුව පිසදමන්න. වඩා හොද ප්‍රතිපල සදහා දිනකට 3-4 වරක් සිදු කරන්න. පොල් තෙල් ඉන්නා සහිත ප්‍රදේශය උණු වතුර දමා හොදින් පිරිසිදු කරගන්න. ...

සිරුරේ ශක්තිය ඇති කරවන ස්පර්ශයෙන් වේදනා දුරලන විස්මිත වාත නාශකය ‘වාතභංග’

Image
  නමට ම ගැලපෙන පරිදි වාත වේදනා දුරු කිරිමේ ශක්තිය ඇති වාත භංග වටිනා ඖෂධීය ශාකයක්. එහි පත්‍ර, දේශීය වෙදකමේදී, උග්‍ර වේදනා විඳින වාත රෝගීන්ට තෙල් ගල්වා හැරෙන්නට පෙරළෙන්නට සකසන බෙහෙත් යහන් මත අතුරනයක් ලෙස යොදනු ලබනවා. එසේම කොන්දේ වේදනා ආදියේ දී තැවිලි සාත්තු කිරීම් සඳහා වැතිරෙන යහන මත ද සිරුර ස්පර්ශවන සේ වාතභංග පත්‍ර එළනවා. තවන්නට සකසන මැල්ලුම් වලට ද යොදනවා. අප්‍රිකානු ආසියානු රටවල සිට ඕස්ට්‍රේලියාව දක්වා පැතිර ඇති වාතභංග ශාකය ශ්‍රීලංකාවේ මෙන්ම ඉන්දියාව චීනය මලයාසියාව ඉන්දුනීසියාව ආදි රටවල ද දක්නට ලැබෙන්නක්. මීටර් 30 ක් පමණ උසට වැඩෙන්නක්. විසල් කොළ පැහැති පත්‍ර සහිතයි. Nyctaginaceae කුලයට අයත්. මෙරට වාත භංග ලෙට්ට කොච්චි, කෙට්ට, කැට කොළ , යන නම්වලින්ද , එතෙර lettuce tree, cabbage tree, moon light tree යන නම්වලින්ද හැඳින්වෙනවා. එළවළුවක් සේ ආහාරයට ගන්නා බැවින් දෝ leafy vegetable ලෙස ත් ව්‍යවහාර වනවා. ගෙවතු උයන් වගාව සඳහාත් මෙහි ප්‍රභේදයක් යොදා ගන්නවා. එහි පත්‍ර කුඩායි. ලා පැහැතියි. ඒවා ආහාර හෝ ඖෂධ පිණිස යොදාගන්නේ නැහැ. ඖෂධීය ශාකය කැල්සියම් බහුල පෝෂක හා රසායන ගුණ සහිතයි. ආතරයිටිස් දියවැඩි...

කාන්තාවන්ට විශේෂයි.. ඔබත් මේ පිළිකාවේ ගොදුරක් විය හැකියි..

Image
 මේ කියන්න යන කතාව සමහරවිට ඔබට වැදගත් වෙන්න පුළුවන්.. විශේෂයෙන්ම කාන්තාවන්ට.. අපි කවුරුත් කැමතියි නිරෝගීව කාලය ගත කරන්න.. ඉතින් ඒ නිසා ඔබටත් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි... පියයුරු පිළිකා කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් සම්පූර්ණ සුවය ලබාගත හැකි බව ඔබ දැන සිටියාද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.. මේ සඳහා ස්වයං පියයුරු පරීක්ෂාව තමා විසින්ම මසකට වරක් තම පියයුරු පරීක්ෂාකොට යම් වෙනසක් පවතීදැයි හඳුනා ගැනීම වැදගත් වෙනවා.. මෙය අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක් විසින්ම සිදුකළ යුතුයි.. එසේ නොමැතිනම්, සායනික පියයුරු පරීක්ෂාවක් කරගැනීමටත් හැකියාව පවතිනවා.. මෙය අවුරුදු 20-40ත් අතර කාන්තාවන් වසර 03කට වරක් සහ අවුරුදු 40ට වැඩි කාන්තාවන් වසරකට වරක් සිදුකරවාගත යුතුයි.. පියයුරු පිළිකා සඳහා අවදානම් කාන්තාවන්.. - පියයුරු පිළිකා හා ඩිම්බ කෝෂ පිළිකා පිළිබඳව පවුල් ඉතිහාසයක් සහිත කාන්තාවන් - පියයුරු පිළිකා/පියයුරු රෝග පෙර ඉතිහාසයක් සහිත කාන්තාවන් - වයස අවුරුදු 11ට පෙර වැඩිවියට පැමිණි හෝ අවුරුදු 55ට පසු ආර්තවහරණය සිදුවූ කාන්තාවන් (මාසික ඔසප්වීම් වැඩි ගණනකට මුහුණ දුන් කාන්තාවන්), ද...

කුරුලෑ හා තුවාල නිසා ඇති වු කැළැල් මකාගන්න සාර්ථකම ප්‍රතිකර්ම මෙන්න

Image
  කුරුලෑ නිසා මුහුණේ ඇතිවන කැළැල් බොහෝකාලයක් ගියත් මැකී යන්නේ නෑ. ඒ වගේම අත් සහ කකුල්වල ඇතිවන තුවාල නිසාද කැළල් ඇති වෙනවා. එම කැළැල්වලින් ඔබේ රූප සුන්දරත්වයට හානිවන බවනම් නිසැකයි. මෙම ලිපියෙන් කියවෙන්නේ ඔබට පහසුවෙන් සපයාගත හැකි විටමින් E සහ තවත් ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයකින් කලහැකි ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳවයි. විටමින් E සහ පොල් තෙල් පොල් තෙල් වල ඇති chain fatty acids කොලජන් නිෂ්පාදනය වර්ධනය කිරීමෙන් තුවාල කැළැල් මකා දමනවා. විටමින් E කරලක තෙල් සහ පොල් තෙල් තේ හැඳි 2ක් මිශ්‍ර කර තුවාල ලප, කැළැල් වල ආලේප කරන්න. මේ සත්කාරය රාත්‍රී නින්දට පෙර කර උදෑසන ඉවත් කරන්න. දිනපතා කිරීමෙන් තුවාල කැළැල් ඉක්මනින් සුව කර ගන්න පුළුවන්. විටමින් E සහ ලෙමන් යුෂ නැවුම් ලෙමන් යුෂ වල විටමින් C මෙන්ම ස්වභාවික ඇල්ෆා හයිඩ්රොක්සයිඩ අම්ල අඩංගු වෙනවා. කැළැල් ස්වාභාවික සුව කිරීමේ හැකියාව මේ සංඝටක වලට පවතිනවා. ලෙමන් යුෂ තේ හැඳි එකකට විටමින් ඊ තෙල් කරලක තෙල් එකතු කර කැළැල් වල ආලේප කරන්න. සතියට කිහිප වතාවක් කිරීමෙන් තුවාල නිසා ඇති වුනු ලප හා කැළැල් මකා ගන්න පුළුවන්. විටමින් E සහ කෝමාරිකා කෝමාරිකා කියන්නේ සමට ගොඩා...

හෝමෝන අසමතුලිතතාව නිසා ඔබත් පීඩා විඳින අයෙක්ද..? මෙන්න මේ කෑම ආහාරයට එක්කරගත්තොත් ඔබට ඒකට විසඳුම් ලැබේවි..

Image
  සමහරවිට ඔබ ගොඩක් කාර්‍යබහුල කෙනෙක් වෙන්න ඇති.. ඒ නිසාම ඇතැම් වෙලාවට ඔබ ඔබේ කෑමබීම ගැන ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නැතුව ඇති... ඒත් මේ ගැන නොසලකාහැරීම ඔබට හිතනවාට වඩා කරදර ඇති කරාවි.. ඒ නිසා ඔයාට හෝමෝන අසමතුලිතතාවයක ලක්ෂණ මතු වී තිබෙනවා නම් හෝ, එසේ නොවීමට වග බලා ගැනීමට නම් මේ ගැන සැලකිලිමත් වීම වැදගත්.. ඔබ ඒ තරම් කල්පනා නොකළත් ආහාර භාවිතයෙන් ඔබේ හෝමෝන මට්ටම යථා තත්ත්වයට පත් කරගැනීමට හැකියාව තියනවා.. මේ කියන්නේ අන්න ඒ ගැනයි.. ඔමේගා-3 මේද අම්ල ඔමේගා-3 මේද අම්ලවලට ප්‍රදාහය සමනය කර හෝමෝන මට්ටම සමබරව තබා ගැනීමට හැකියාව තියෙනවා. මෙම මේද අම්ල හෝමෝන අසමතුලිතතාවය නිසා ඇතිවන ප්‍රදාහය අඩු කරනවා පමණක් නොව, ආතතිය හා කාංසාව සමනය කිරීමටද උපකාරී වෙනවා. දිනකට ඔමේගා-3 මේද අම්ල 250-500mg පරිභෝජනය කරන්නේ නැති නම් සැමන් සහ සාඩින් වැනි මේදය බහුල මාළු වර්ග ආහාරයට ගත හැක. මෙය දිනකට එක් වරක් පරිභෝජනය කිරීම ප්‍රමාණවත්. විටමින් D හෝමෝන සමතුලිත කිරීම පමණක් නොව, සමස්ත ප්‍රතිශක්තිය වැඩි කරයි. දිනකට විටමින් D 1000-2000 IU පමණ පරිභෝජනය කළ යුතුයි. ඒ නිසා බිත්තර, මාළු, හතු ආදිය ආහාරයට ගැනීමෙන් විටමින් D ශරීරයට ලබාගන්...

පිළිකා සුවකරන අපිට අගයක් නැති පිටරට වල අධි මිලට විකිණෙන පළතුර

Image
  මොට්ටු එහෙම නැත්නම් නළල් බටු මේ සුවිශේෂී පළතුර ගැන ඔයාට කියනකොට මොකද්දෝ මන්ද දුකක් මගේ හිතේ තියනවා. අපේ රටේ කවුරුත් බඩිගින්නේ ඉන්න ඔන නැ. මොනවා විසි කළත් පැළ වෙනවා මේ මහ පොළවේ. එත් අපට කොතනද වැරදුනේ.. ඇයි අපි දන්නේ නැත්තේ මේ දේවල් ගැන, ඇයි අපිට නොවටින්නේ මේවා? ඉබේම හැදෙන නිසාද මේවා නොවටින්නේ? නැත්නම් නොදන්නා කමද? සමහර විට ඔවු අපි ගොඩක් දේවල් දන්නේ නැ? කමක් නැ අපි අද දැනගමු.. මම පොඩ් කාලේ කෑවා ඇති වෙන්න හැමතැනම මේවා තිබුනා. එත් ගුණ අගුණ දැනගෙන නෙවෙයි කෑවේ. එත් මේ කොළඹ පරිසරයට ආවම මේවා කන්න තියා ඇහැටවත් දකින්න නැ. මේකේ වටිනාකම ලෙඩ රෝග වලින් දුක් විදින කෙනෙකුට නැත්නම් ඔනම කෙනෙකුට මේක කන්න කියලා ඔයා දැනුවත් කරන්න. මොකද හැමතිස්සෙම තමන් දන්න දේ අනිත් අයට කියන්න. මේ පළතුර අපි නොදන්නවා උනාට india,australia,south america,england තව බෝහෝමයක් රටවල ඉතාමත් ජනප්‍රිය අනිකුත් පළතුරු වලට වඩා සාපේක්ෂව මිළ අධික සාර්ථක ලෙස වගා කරන බෙිරි විශේෂයක් තමයි අපි මේ හදුන්වන මෝටිටු. ඔබට එක හොදටම තේරුම් ගන්න පුළුවන් ඔය පහළ සේයාරූ වලින්. කොහොමද එහෙම උනේ අපේ ගෙවත්තේ , කුඔුරේ, කෑලැවේ හැදෙන මේ කැලැ ගෙඩියකට වටිනාකම...

ඔයාගෙත් අතේ ඇඟිලි හිරි වැටෙනවාද ? එහෙමනම් බල බල ඉන්න එපා...

Image
 

ගෙදරට ගේන බිත්තර සෝදනවාද..? එහෙනම් මේක ගැන අනිවාර්යයෙන්ම දැනගන්න..

Image
  සෑම ගෙදරකම පාහේ පරිභෝජනය කරන ද්‍රව්‍යක් තමයි බිත්තර කියන්නේ.. ඒත් මේ බිත්තර කෑමට ගන්න පෙර නිසි පරිදි ගබඩා කරන්න ඔබ දැනගෙන හිටියාද..? මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්... කොහොම වුණත්, බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව ඔබ දැන සිටියාද..? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මේ ගැන විශේෂ යමක් පවසා තිබුණා.. බිත්තර කටුව සම්පූර්ණයෙන්ම ආවරණය වූ එකක් නෙවෙයි.. එමනිසා, බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට තිබෙන විෂබීජ බිත්තර තුළට ගමන් කිරීමේ හැකියාව පවතින ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ.. මේ නිසා බිත්තර සෝදනවිට ඒ මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්.. බිත්තරය ඇතුලේ ප්‍රෝටීන් බහුල මාධ්‍යක් පවතින නිසා එහි ක්ෂුද්‍ර ජීවීන් කඩිනමින් ඒක වර්ධනය වෙනවා.. මේ නිසා ඔබේ නිවසට රැගෙන එන බිත්තර ගබඩා කිරීම ගැන මීට වඩා සැලකිලිමත් වෙන එක වැදගත්..  උපුටා ගැනීම අන්තර්ජාලයෙන් Countdown Timer Countdown Timer 30 seconds remaining

කළු පුස් තියෙනවා නම් ළූණු කන්න පුළුවන්ද...? ගෘහණියක් වන ඔබත් ඒ ගැන දැනගන්න..

Image
  ළූණු මතුපිට කළු පාටට තියනවා දැකලා තියනවා නම්, ඒ ළූණු කන්න පුළුවන්ද..? ඔබ මේ තරම් කාලයක් මේ දේ ගැන නොදැන හිටියා නම් දැන්වත් ඒ ගැන අවදානයෙන් ඉන්න..  අපේ ගෙදර කුස්සියේ ඉවුම් පිහුම්වලදී ළූණු භාවිතා කරනවා... අපි පිළියෙළ කරන ආහාරවලට රසය එක් කිරීමේදී ළූණු වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.. වෙනත් වචනවලින් කිවහොත්, ළූණු නොමැතිව කිසිදු ආහාර පිසීමක් සම්පූර්ණ නොවේ.. ළූණු නොමැතිව කෑම රසවත් නොවන බව පැවසිය හැකිය.. මේ නිසා එය අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස හැඳින්වෙනවා.. ළූණු ආහාරයට රසය එක් කරනවා පමණක් නොව, විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ද ලබාදෙනවා.. ළූණු අමුවෙන් හෝ පිසූ ආහාරයට ගැනීමෙන් ශරීරයට බොහෝ ප්‍රතිලාභ ලැබෙනවා... ළූණු පමණක් නොව ළූණු සමෙන් ද ශරීරයට බොහෝ ප්‍රතිලාභ ලැබෙනවා... ළූණුවල ඇති පෝෂ්‍ය පදාර්ථ: ළූණු වල පොටෑසියම්, කාබෝහයිඩ්‍රේට්, සෝඩියම්, විටමින් සී, විටමින් බී 6, විටමින් ඩී, කැල්සියම්, මැග්නීසියම් සහ යකඩ වැනි බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. ළූණු වල සෞඛ්‍ය ප්‍රතිලාභ: ළූණු වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ශරීරයට බොහෝ ප්‍රතිලාභ ලබා දෙයි. ළූණු විශේෂයෙන් අමුවෙන් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව තබා...

හිමොග්ලොබින් අඩු අයට විසඳුම් මෙන්න

Image
  නීරක්තිය කාන්තාවන් අතර බහුල වන තත්ත්වයකි.  විශේෂයෙන්ම දුගී පවුල්වල පෝෂණ ඌනතා සමඟ මෙවැනි තත්ත්ව ඇතිවිය හැකියි. වැඩිවියට පත්වීමත් සමඟ රුධිරය පිටවන නිසා එම අවදානම වඩා වැඩිවන්නේ කාන්තාවන්ටයි. නීරක්තිය යනු ශරීරයේ රුධිර සෛලවල හෝ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම නීරක්තිය ලෙස හඳුනා ගැනේ. පිරිමි අයකුගේ නම් සාමාන්‍යයෙන් හිමොග්ලොබින් ප්‍රමාණය 13-14ත් අතරත් කාන්තාවන්ගේ නම් 12-13ත් අතරත් පැවතිය යුතුය. මෙයට වඩා අඩු අගයක හිමොග්ලොබින් මට්ටම පැවතිම නීරක්තියයි. ඇතිවන හේතු විශේෂයෙන් දරුවන් වර්ධනය වන විට අවශ්‍ය පෝෂණය නොලැබී යෑමෙන් යකඩ හා ප්‍රෝටීන් අව ප්‍රමාණය වී ඇතිවන්නේ පෝෂණීය නීරක්තියයි. එමෙන්ම ඇතැම් රෝග නිසාත් නීරක්තිය ආකාර කීපයකට ඇති වේ. ඒවා නම්, රුධිර සෛල නිපදවීම අඩුවීම. 1. ෆැන්කො නීරක්තිය, විටමින් ඕ ඌනතාව ෆෝලික් ඇසිඩ් ඌනතාව වකුගඩු දුර්වලවීම 2. ශරීරයේ රුධිර සෛල වර්ධක පටක විනාශ වීම. ඇට මිඳුළුවල රෝග 3. රුධිර සෛල වැඩිපුර විනාශ වීම මැලේරියාව 4. අධික රුධිර ගලනය නිසා උදරයේ තුවාල ඇතිවීම මාස්ශුද්ධියේදී ෆයිබේ‍රායිඩ් රෝග නිසා වැඩි පුර රුධිර ගලනය ශල්‍යකර්ම ප්‍රතිකාර නීරක්තියට ප්‍රතිකාර කිරීමේදී පළමුව ...

වකුගඩු වල ගල් දියකිරීමට මුංඇට වලින් ඖෂධීය පානයක් හදන හැටි

Image
  මුං ඇට කියන්නේ අපිට ඉතාම හුරුපුරුදු, සමීපතම ධාන්‍ය වර්ගයක්. එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයකටත් මුං ඇට ඉතාම සුදුසුයි. මුං ඇට තම්බලා ලුණු මිරිස්, පොල් එක්ක කන්න පුංචි දරුවොත් හරිම ආසයි. ඒ වගේම මුං කිරිබත් කියන්නේ අපේ ගැමි ආහාර රටාවෙත් රසවත් ආහාරයක්. මුංඇට කැවුම් කියන්නෙත් අවුරුදු කෑම මේසයට නැතිවම බැරි දෙයක්. අපේ ආහාර ක්‍රමවේදයට අනුව රසවත් ගුණවත් ආහාරයක් වන මුං ඇට ඇත්තටම අපේ දේශීය වේදකමේදී අගනා ඖෂධයක්. ආයුර්වේදයේදී ඔෟෂධ පිණිස ධාන්‍ය වර්ග භාවිත කරනවා. ඒ ඖෂධීය ධාන්‍ය වර්ග අතර මුංඇටවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. සංස්කෘත භාෂාවෙන් මුං ඇට “මුද්ග” යන නමින් හඳුන්වනවා. ඉවීමෙන් ප්‍රමුඛ යන අරුතෙන් “සූපශේෂ්ඨ” යන අරුතිනුත්, හොඳ පල යන අදහසින් “සූපල” යන අරුතිනුත්, රස අතර ප්‍රධාන හෙවත් “රසෝත්තම” යන අරුතිනුත් මුං ඇට හඳුන්වනවා. වෙනත් ධාන්‍ය වර්ගවලට වඩා ඇඟට හොඳින් ගුණය උරා ගන්නා ධාන්‍ය වර්ගයක් නිසා මුං ඇට පථ්‍ය ධාන්‍ය ලෙසත් හඳුන්වනවා. ආයුර්වේදයේ මූලික ග්‍රන්ථවල සඳහන් ආකාරයට උඳු, කොල්ලු, මයිසූර් පරිප්පු වැනි ධාන්‍ය වර්ගවලට වඩා මුං ඇට ගුණ දායක වෙනවා. මුං ඇට තම්බා හෝ වෑංජනයක් ලෙස වගේම මුං ඇට කොටා ගන...