Posts

Showing posts from July, 2025

ජීවිතයත් අහිමි කළ හැකි අධික දහඩිය ගැන ඔබ දැනගත යුතුම දෙයක්..

Image
  මිනිස් සිරුරෙන් දහඩිය දාන එක සාමාන්‍ය තත්ත්වයකි. මිනිස් සිරුර සිසිල් කරමින් ශාරීරික උෂ්ණත්වය නිසිලෙස පවත්වාගෙන යෑම සඳහා එය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන විට දහඩිය දමන්නේ එම හේතුව නිසයි. නමුත් දහඩිය දැමීම සඳහා හේතුවෙන එකම සාධකය උෂ්ණත්වය පමණක්ම නොවේ. එසේම ව්‍යයාමවලින් පසුව වගේම අපි කලබලයට පත්වූ විට ඇතිවෙන චිත්තවේගවල බලපෑම නිසාද දහඩිය ග්‍රන්ථි විසින් දහඩිය පිට කරනවා. නමුත් මේ ස්වභාවික හේතු නිසා නොවී අසාමාන්‍ය ලෙස දහඩිය පිටවෙනවානම්, එය පිටුපස නිදන්ගත රෝගයක් තිබෙන්නට පුළුවනි. එබඳු රෝග කිහිපයක් පහත දැක්වේ. ඖෂධ විශාද නාශක ඖෂධ හේතුවෙන් ආතති හෝමෝන මට්ටම ඉහළ යනවා. එම නිසා එහි අතුරැ ප්‍රතිපලයක් ලෙස අධික ලෙස දහඩිය දමන්නට පුළුවන්. ඊට අමතරව රුධිර පීඩනය විදිමත් කිරීම සඳහා ලබාගන්නා ඖෂධ මෙන්ම, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබාගන්නා ඖෂධ නිසා ද අධික ලෙස දහඩිය දැමීමේ හැකියාවක් තිබෙනවා. පුරුෂ හොමෝන අඩුවීම අඩු ටෙස්ටෙස්ටරෝන් හෝමෝන මට්ටමක් ඇති පිරිමින්ට රාත්‍රී කාලයේදී වැඩිපුර දහඩිය දැමීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ටෙස්ටෙස්ටරෝන් මට්ටම අඩුවූ විට, ශරීරය ඕනෑවටත් වඩා රත්වී ඇති බව පවසන ව්‍...

ඔබේ සිරුරේ හොදටම යකඩ අඩුවෙලා කියලා පෙන්නුම කරන ලක්ෂණ 10 ක්

Image
  අපේ ශරීරයේ පැවැත්මට විවිධ පෝෂ්‍යය පදාර්ථ අවශ්‍ය වෙනවා.  විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී මෙකී නොකී සියලු පෝෂකවලින් එකක් හෝ කිහිපයක් ප්‍රමාණවත් පරිදි සිරුරට නොලැබී ගියොත් එය අපේ ශරීරයේ පැවැත්මට අහිතකර විදියට බලපානු ලබනවා.මේ ඌණතාවයන් නිසා අපිට විවිධ ලෙඩ රෝග හැදෙනවා. ඉතින් මිනිස් ශරීරය හරි අපූරුයි නේ. ඒ නිසාම අපේ ශරීරයට යම් පෝෂකයක් ප්‍රමාණවත් ආකාරයට ලැබෙන්නේ නැත්නම් ඒ බව අපිට විවිධ සංඥා මගින් හඟවනු ලබනවා. ඉතින් යකඩ කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍යම සංඝටකයක්. නමුත් ප්‍රමාණවත් ආකරයට යකඩ ශරීරයේ නැතිවුණාම ශරීරය අපිට ඒ බව සංඥා කිහිපයක් මගින් හඟවනු ලබනවා. ඉතින් අද කියන්නට යන්නේ යකඩ ඌණතාවයක් හඳුනා ගන්නට හැකි ලක්ෂණ පිළිබඳව. රතු රුධිර සෛල නිෂ්පාදනය කරන්නට හිමොග්ලොබින් සඳහා යකඩ අවශ්‍ය වෙනවා.ශරීරය පුරා ඔක්සිජන් ගෙනයන හිමොග්ලොබින් අඩු වුණාම මාංශපේශී සහ පටකවල ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙනවා. ඒ නිසා නොසලකා හැරි යුතු නොවන ඌණතාවයක් තමයි යකඩ ඌණතාවය. අපේ ශරීරයේ යකඩ ඌණතාවයක් ඇති බව අපිට හඳුනා ගත හැකි වෙන්නේ මේ ලක්ෂණ ඇසුරින්. අසාමාන්‍ය ලෙස මහන්සිය දැනීම යකඩ ඌණතාවයක් ඇති බව පෙන්වන මූ...

කොලෙස්‌ටරෝල් පිරුණු රුධිර නාලිකා පිරිසිදු කරගන්න මේ ආහාර වර්ග ආහාරයට ගන්න...

Image
  නිරෝගීව ඉන්න, නිතර ව්‍යායාම කරන්න, ගුණදායක දේවල් කන්න, ශරීරයට අහිතකර දේවල් කෑමට ගන්න එක අඩු කරන්න කියලා කොයි තරම් කිව්වත් අපේ වැඩි දෙනෙක්  ඕක ගාණකට ගන්නේ නෑ.  තව එකක් කෑවට මොකද වෙන්නේ කියලා හිත හිත දිගටම කල් මරනවා. අන්තිමේදී අමාරු වෙලා දොස්තර කෙනෙක් ලගට ගිහින් බය වෙලා ගෙදර ඇවිත් තමයි පෝෂණය ගැන හොයන්නේ. ඒත් ඒ වෙන කොට කොලෙස්ටරෝල් පිරිලා ලෙඬේ වැළඳිලා ඉවරයි. ලෙඬේ හැදුනට පස්සේ පරිස්සම් වෙන එකේ ලොකු ප්‍රයෝජනයක් නැහැ. කණගාටුවට කරුණ ඔය ටික වැඩි දෙනෙක්ට තේරෙන්නේ නැති එකයි.   කොලෙස්ටරෝල් වැඩි වීමේ අනිවාර්ය ප්‍රතිඵලය තමයි ඒවා රුධිර නාල මත තැන්පත් වෙලා ඒ නාල සිහින් කරන එක. ලේ නාල කියන්නේ අපේ ඇගේ හැම දෙයක්ම තැනකින් තැනකට ගෙනියන ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය කිව්වොත් වැරැද්දක් නැහැ. පෝෂක, ඔක්සිජන්, ජලය වගේ හැම දෙයක්ම ශරීරයේ සෑම ෙසෙලයකටම බෙදා හරින්නේ ලේ වලින්. ඒත් ඒවා ඇතුලේ කොලෙස්ටරෝල් හිර වුණාම මේ වැඬේ හරියට සිද්ධ වෙන්න බැරි වෙනවා. ඉතින් හදවත වැඩි පීඩනයකින් ලේ පොම්ප කරලා කොහොම හරි දිගටම රුධිර ගමනය තියා ගන්න බලනවා. මේකෙන් වෙන්නේ හදවත අනවශ්‍ය විද...

මේ ලක්ෂණ 8 ඇත්නම් ඔබේ ශරීරයට දැන්ම උදව් අවශ්‍යයි

Image
  අපේ ශරීරය නිකන් පරිපූර්ණ යන්ත්‍රයක් වගේ. එකවර බොහෝ දේ කරන්න පුළුවන් වීම තමා මේ යන්ත්‍රයේ තිබෙන විශේෂත්වය. ඉතින් යන්ත්‍ර වල යම් යම් දෝෂ ඇති වෙනවනේ, එතකොට යන්ත්‍ර ඒ ඒ වෙලාවට යම් යම් සලකුණු මේ පිළිබද ලබා දෙනවා. ඉතින් අපි මේවා නොසලකා හැරියොත් ඒ යන්ත්‍රයට බොහෝ හානි සිදු වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා ඔබේ ශරීරය උපකාර අවශ්‍ය බව පැවසීමට විවිධ සලකුණු ඔබට පෙන්වාවි. ඔබ කල යුත්තෙ මේ සියල්ල නොසලකා නොහැර මේ සදහා ක්‍රියා කිරීමයි. එවිට ඔබේ ශරීරය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකි වෙනවා. අද අපි ඔබට රැගෙන ආවේ මේ වගේ ඔබ නොසලා නොහැරිය යුතු කරුණු කිහිපයක් ගැන. මෙය ඔබට බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ. 01. නින්ද නොයාම, නුරුස්නා බව සහ කකුලේ කැක්කුම ඔබේ ශරීරයට මැග්නීසියම් සහ පොටෑසියම් අවශ්‍ය වෙලාවට තමා ඔබට මෙම සලකුණු පැමිණෙන්නේ. තක්කාලි, දොඩම්, කෙසෙල් සහ නිවිති ඔබේ එදිනෙදා ආහාර වේලට එක් කර ගැනීම තුළින් ඔබට මෙම අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. 02. වියළි සම විටමින් ඊ ඌනතාවය නිසා තමා සමේ වියළි බව ඇති වෙන්නේ. වැඩිපුර එළවළු, තෙල්, ඇට වර්ග සහ මාළු අනුභව කිරීමෙන් මෙයට සහනයක් ලබා ගන්න පුළුවන්. 03. Sweet tooth මානසික ආතතිය, ...

සිරුරේ රුධිර කැටි ගැසීමක් කල් තියා හඳුනා ගැනීමේ ලක්ෂණ සහ ඇති වීමට බලපාන හේතු

Image
ලේ කැටි ගැසීම කියන්නේ  අපේ සෞඛ්‍යට හිතකර දෙයක් බව ඇත්තයි. තුවාලයක් වූ විට රුධිර වහනය නවත්වා ගැනීමට තුවාල වූ ස්ථනයේ ලේ කැටිගැසීම අනිවාර්යයි. නමුත් සමහර අවස්ථාවලදී ශරීරයේ යම් යම් ස්ථානවල අනවශ්‍ය ලෙස ලේ කැටිගැසීමක් සිදු වෙන්න පුළුවනි. හෘදය හා මොළය ආශ්‍රිත රුධිර නාලයන්හි සිදුවන ලේ කැටි ගැසීම ගැන හැමෝම දැනුවත්. නමුත් ඒ හැර සිරුරේ වෙනත් තැන්වල විශේෂයෙන්ම මාංශපේශීවල ආසන්නයෙන් පිහිටි ඇතුළත ශිරාවල මෙලෙස ලේ කැටි ඇති වීය හැකියි. මෙලෙස සිරුර ඇතුළත ශිරා පද්ධතියේ ලේ කැටි ගැසීමක් වුවහොත් එය ඉතා වේදනාකාරී හා භයානක තත්ත්වයක් විය හැකි බවයි වෛද්‍ය මතය.   ඉතින් අද කියන්න යන්නේ ඔබේ සිරුරේ රුධිර කැටි හටගෙන ඇති විට කල් ඇතිවම ඔබට පෙන්නුම් කරන රෝග ලක්ෂණ මොනවද කියලා. රුධිර කැටි ගැසීම කියන්නේ රුධිර නාලයකට තුවාල වූ විට අධික රුධිර වහනය වළක්වන වැදගත් ක්‍රියාවලියකි. ජෙල් වැනි ඝනකම් ස්වභාවයකට හැරුණු සෛල හා ප්‍රෝටින් ‍රැගත් රුධිරය, එනම් පට්ටිකා (රුධිර සෛල වර්ගයක්) සහ ඔබේ ප්ලාස්මාවේ ඇති ප්‍රෝටීන වල එකතුවක්.  සාමාන්‍යයෙන් කැපීමක්, සීරීමක් හෝ තුවාලයක් වූ විට රුධිර වාහිනිවලින් ඉවතට රුධිරය ගලයි. රුධිරය ඉවතට ග...

මුඛයේ ඇති දුර්ගන්ධය සහ බැක්ටීරියා ඉවත් කරන ක්‍රම 07ක්

Image
  මුඛයේ දුර්ගන්ධය කියන්නේ සමාජයේ ගොඩ දෙනෙක් අතර දකින්න ලැබෙන, නමුත් කෙනෙක් තවත් කෙනෙක්ට පහසුවෙන් කියන්නෙත් නැත් දෙයක්. ඇත්තටම මුඛයේ දුර්ගන්ධයක් තියෙනවා කියලා දැනගැනීම ඉතාමත් ලැජ්ජාසහගත දෙයක් ලෙස මිනිස්සුසළකනවා. ඒ වගේම මේක පෙම්වතුන්, විවාහක යුවල අතර ඍජුව නොකීවත් ප්‍රශ්න ඇති වෙන්නත් බොහෝ සෙයින් බලපානවා. අපි අද ඔබ වෙත ගෙන් එන්නේ මුඛයේ දුඟද ඇති කරන බැක්ටීරියා විනාශ කරමින් දුගඳ නැති කර ගන්න, ඔබට නිවසේ සිටම කරන්න පුලුවන් දේවල් 07ක් ගැන විස්තරයි. 01. ස්වාභාවික Mouthwash සහ Breath Fresheners භාවිතා කරන්න මින්ට් කොළ මුඛයේ දුඟද නැති කිරීමට උපකාරි වෙනවා. කරාඹු, එනසාල් සහ සූදුරු ආදී කුළු බඩු වලිනුත් මුඛයේ දුර්ගන්ධය නැති වෙනවා. ඔබේ නිවසේ පහසුවෙන් සොයාගන්න හියෙනවා නම් බේකින් සෝඩාත් ඉතාමහොඳ විසඳුමක්. බේකින් සෝඩා මේස හැන්දක් වතුර කෝප්පයක් දිය කරල එමගින් මුඛය සෝදන්න පුලුවන්. එහෙමත් නැත්නම් බේකින් සෝඩා දිය කරන ලද ජලයේ ඔබේ දත් බුරුසුව දාලා එයින් දත් මදින්නත් පුලුවන්. මහදුරු කොළ වලින් සාදන ලද තේ ඉතාම හොඳ බැක්ටීරියා නාශකයක් සහ සගන්ධකාරකයක්. උදෑසනම මේ තේ කෝප්පයක් පානය කිරීමෙන් සාර්ථක ප්‍රථිපල ලබා ගත හැක...