සිරුරේ ශක්තිය ඇති කරවන ස්පර්ශයෙන් වේදනා දුරලන විස්මිත වාත නාශකය ‘වාතභංග’

නමට ම ගැලපෙන පරිදි වාත වේදනා දුරු කිරිමේ ශක්තිය ඇති වාත භංග වටිනා ඖෂධීය ශාකයක්. එහි පත්‍ර, දේශීය වෙදකමේදී, උග්‍ර වේදනා විඳින වාත රෝගීන්ට තෙල් ගල්වා හැරෙන්නට පෙරළෙන්නට සකසන බෙහෙත් යහන් මත අතුරනයක් ලෙස යොදනු ලබනවා. එසේම කොන්දේ වේදනා ආදියේ දී තැවිලි සාත්තු කිරීම් සඳහා වැතිරෙන යහන මත ද සිරුර ස්පර්ශවන සේ වාතභංග පත්‍ර එළනවා. තවන්නට සකසන මැල්ලුම් වලට ද යොදනවා. අප්‍රිකානු ආසියානු රටවල සිට ඕස්ට්‍රේලියාව දක්වා පැතිර ඇති වාතභංග ශාකය ශ්‍රීලංකාවේ මෙන්ම ඉන්දියාව චීනය මලයාසියාව ඉන්දුනීසියාව ආදි රටවල ද දක්නට ලැබෙන්නක්. මීටර් 30 ක් පමණ උසට වැඩෙන්නක්. විසල් කොළ පැහැති පත්‍ර සහිතයි. Nyctaginaceae කුලයට අයත්. මෙරට වාත භංග ලෙට්ට කොච්චි, කෙට්ට, කැට කොළ , යන නම්වලින්ද , එතෙර lettuce tree, cabbage tree, moon light tree යන නම්වලින්ද හැඳින්වෙනවා. එළවළුවක් සේ ආහාරයට ගන්නා බැවින් දෝ leafy vegetable ලෙස ත් ව්‍යවහාර වනවා. ගෙවතු උයන් වගාව සඳහාත් මෙහි ප්‍රභේදයක් යොදා ගන්නවා. එහි පත්‍ර කුඩායි. ලා පැහැතියි. ඒවා ආහාර හෝ ඖෂධ පිණිස යොදාගන්නේ නැහැ. ඖෂධීය ශාකය කැල්සියම් බහුල පෝෂක හා රසායන ගුණ සහිතයි. ආතරයිටිස් දියවැඩි...